ඊයේ (16) රාත්‍රී පුවත් විකාශයේ දී තමා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මුළුමනින්ම සාවද්‍ය පුවත්

සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥයින් මාර්ගයෙන් ජාතික රුපවාහිනියට එරෙහිව එන්තරවාසියක් යොමුකරන බව කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුගේවා පවසයි.

පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වන ඔහු මේවනවිට එම සංගමයේ නිල කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිටියි.

කෙසේවුවද ඊයේ ජාතික රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය මගින් අවධාරණය කර සිටියේ, පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ත්‍යාග ප්‍රධානෝත්සවය අවස්ථාවේදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා බැහැරව ගොස් සිටි බවයි. මෙම උත්සවයේ ඉදිරිපෙළ අසුනක් නොලැබීම නිසා ඔහු උත්සවය අතරතුර නැගිටගිය බවද එහිදී සඳහන් කළේය. 

 

16 දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙහි නාලන්දා විදුහලේ නම සඳහන් කරමින් විකාශය වූ එම පුවත සම්බන්ධයෙන් විරෝධය පළකරමින්, ආදී නාලන්දීය මාධ්‍ය සංසදයේ සභාපති අජිත් ගලප්පත්ති විසින් ජාතික රුපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත අද (17) ලිපියක් යොමුකර ඇති අතර ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව ද අවධාරණය කර තිබේ.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''ඊයේ රාත්‍රියේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙහි පාසල් ක්‍රිකට් සම්මාන උත්සවය පිළිබඳ ප්‍රවෘත්තියෙහි අපගේ පාසැල වන කොළඹ නාලන්දා විද්‍යාලයේ නම සහ එහි වත්මන් විදුහල්පති වන තිලක් වත්තුහේවා මහතාගේ නම සඳහන් කරමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් විකාශය විය මෙම වැරදි ප්‍රවෘත්තිය ඊයේ දහවල් 12.00 ට සහ රාත්‍රී 6.50ට දෙවරක් ම විකාශය විය.

පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස තිලක් වත්තුහේවා මහතා මෙම උත්සවයේ ඉදිරි පෙළ අසුනක් නොලැබීම නිසා උත්සවය අතරතුර නැගිට ගිය බවත් ඔහු නාලන්දා විද්‍යාලයයේ විදුහල්පතිවරයා බවත් ප්‍රවෘත්තියේ සඳහන් විය.



මේ දිනවල විදුහලපතිවරයා ජාතික පාසල් ක්‍රිකට් සම්බන්ධ කටයුත්තක් සඳහාම විදේශගත වී සිටින බැවින් මෙම ප්‍රවෘත්තිය කිසිදු පදනමක් නැති සාවද්‍ය පුවතකි. ජාතික රූපවාහිනිය වැනි වගකිවයුතු රාජ්‍ය නාලිකාවක් කරුණු නොසොයා ප්‍රසිද්ධ කරන ලද මෙම වැරදි ප්‍රවෘත්තිය මගින් අප පාසලටත් එහි විදුහල්පතිවරයාගේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවී ඇත. මෙහිදී අදාල පාර්ශවයන්ගෙන් කරුණු නොවිමසා අන්තගාමී ලෙස හා වගකීම් රහිතව කටයුතු කර ඇති ඔබ නාලිකාව නාලන්දා විද්‍යාලයේ සහ එහි විදුහල්පතිවරයාගේ කීර්ති නාමයට හානි සිදු කිරීම සම්බන්ධව අපගේ දැඩි විරෝධය පළ කරන අතර ඉදිරියේදී පාසලක් ලෙස හා එහි ආදි ශිෂ්‍යයින් ඒ සම්බන්ධ අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා සිටිමු.



ඩජාෙැ

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්