නිකම් හිතමු පාරේ යනකොට අඩියක් ගහල පොඩ්ඩක් වැඩිවෙලා පොඩි අවුලක් උණා කියල.
මිනිස් ක්‍රියාවන් එහෙම වෙන්න පුළුවන් නේ. මිනිස් පැවැත්ම ඇතුලේ පොඩි පොඩි පිස්සු -අවුල් -විකාර වෙන්න පුළුවන්. මිනිස් පැවැත්ම කියන්නේ පොඩි පිස්සු ගතියක් එක්ක යන දෙයක් නේ.
මිනිස් උමතුව සඳහාත් හේතුවක් තියනවා කියල නීට්ෂ කියනවා. සියලු කාලයන්හි ශිෂ්ටාචාර ඇතුලේ පිස්සෝ ඉඳල තියනවා.
ඉතිං හදිසියේ අඩියක් ගහල පොඩි අවුලක් පාරේ හදාගත්තොත් එහෙම වටේ ඉන්න ''ජනතාව'' මොකක් කරයිද? ඔය බස් එකක් ඇක්සින්ඩන්ට් එහෙම උනාම ජනයා එහෙම ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා සමහර ටවුන් වලින් යනකොට පරිස්සමෙන් තමයි යන්නේ. මොකද දන්නවා අවුලක් උනොත් කන්න වෙන පෝරියල් එක.
හරි.. කොරළවැල්ල පැත්තෙන් යනකොට ඒ ජනතාව එහෙම ප්‍රතිචාර දක්වනවා කියමු. ගලහ පාර පැත්තෙන් යනකොටත් ජනයා එහෙම ප්‍රතිචාර දක්වනව ද?
ගලහ කිව්වට ගලහ ජනයාම නෙවෙයි. කොළඹ ඉඳන් යනකොට ගලහ හන්දියෙන් දකුණට හැරිලා අර තියන දැවැන්ත කොලෝනියල් ගොඩනැගිලි ඇතුලේ ''ශිෂ්ටකරණයට'' පාත්‍ර වෙන ජනයා...
පළවෙනි ජනයා එහෙම තේරුම් ගත්තට දෙවැනි ජනයා සම්බන්දයෙන් වෙන ප්‍රශ්නයක් ඇතිවෙනවා. මොකද දෙවැනි එක එහෙම නොවන බවට වගබලා ගන්න සියළු ආණ්ඩු විශාල මුල්‍ය සහ වෙනත් ආයෝජනයන් කරලා තියනවා. එතකොට කොරළවැල්ල පැත්තේ ජනයා සහ ගලහ විශ්ව විද්‍යාල ජනයා අතර වෙනසක් නැද්ද? වෙනසක් නැත්නම් මේ දැවැන්ත ආයෝජන වල ඇති වැඩේ මොකක්ද? ආකල්ප වෙනස් කරන්න වියදම් කරපු සල්ලි කන්දරාව අපි ගත්තේ ණය හැටියට.
බීමත් පුතෙක් විසින් කරපු විනාශයක් කියල විශ්ව විද්‍යාල ආචාර්යවරුම කිව්වට බීපු එකා පිස්සු කෙළිනකොට බිව්වේ නැති එවුන් තවත් සාවධාන වෙන්න ඕනි නේද?
සීරියස් ඇක්සිඩන්ට් එකක් උණොත් ''ජනතාව'' නඩු විසඳන විදියෙන් බේරෙන්න මිනිස්සු දුවන්නේ පොලිසියට.
එතකොට ජනතාවට බලය දුන්නොත්...?(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපි :
පේරා ප්‍රහාරය : පොමනේරියන් බල්ලෝ පාරට ආවම පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා - (මහේෂ් හපුගොඩ)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න