කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට හෙට (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

 අදාළ ඝාතනය සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම, ආරක්ෂක විශ්ලේෂකයකු සමග Truth with Chamuditha නාලිකාවේ සාකච්ඡාවක් පවත්වා සයිබර් අවකාශයට මුදාහැර තිබු අතර අදාල සිද්ධියට පසුබිම් වූ කරුණු කාරණා රාශියක් එමගින් අනාවරණය කර තිබේ.


 ''ජනශක්ති සභාපති මහ මග මරලා දාලා යනකන් පොලීසිය මොනවද කලේ.''

'' සැකකරු තිළිණි ප්‍රියමාලී ටත් වඩා ලොකු මූල්‍ය වංචාකාරයෙක්.''

'' බ්‍රයන් තෝමස් ඔය තැනට ගෙනාවේ ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයක අයිතිකාරයෙක්.''

'' මේ වංචාකාරයට මියගිය පුද්ගලයා විතරක් නෙමේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයො ක්‍රිකට් ක්‍රීඩකයෝත් අහුවුනා.''

'' පොලිසිය හරි වෙලාවේ හරි විදියට විදිහට වැඩ කරානම් දිනේෂ් සාෆ්ටර් මහමග මැරෙන්නේ නෑ.''


ආදී ලෙස කරුණු කාරණා රැසක් පිළිබඳව  ආරක්ෂක විශ්ලේෂක කීර්ති රත්නායක කරුණු ගෙනහැර දක්වයි. 

 

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය තවමත් අභිරහසක්ව තිබේ.

ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමණාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ රක්ෂණ සමාගමක සමූහ අධ්‍යක්ෂවරයෙකු වන ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

ඔහුගේ දෑත් පිටුපසට කර ප්ලාස්ටික් වලින් තැනූ දෙයකින් ගැටගසා තිබී ඇති අතර ඔහුගේ ශරීරය සහ ගෙල වයරයකින් වාහනයේ ආසනයට තබා ගැටගසා තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ගෙල සිර කිරීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි වෛද්‍ය වාර්තා අනුව පෙනී යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී (දෙසැම්බර් 15වැනිදා) පස්වරුවේ ෂාෆ්ටර් සොයා ගැණුනි.


පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගියේය.

gre


විමර්ශනවල ප්‍රගතිය කුමක්ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා මිනීමරුම් විමර්ශන කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුලු කණ්ඩායම් හතරක මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ වාහනයේ යම් සාක්ෂියක් තිබේදැයි යන්න සෙවීම සඳහා අවශ්‍ය විමර්ශන පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

සී.සී.ටී.වී සහ දුරකතන අංක සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

තවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය විමසා තිබේ.

අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත්තේ, මෙම අපරාධ මැඩලීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මිනී මැරුම් හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන්නැයි මෙහිදී අමාත්‍යවරයා ජේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්