theleaderlk 01

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් අයර්ලන්ත ලේබර් පක්ෂයේ සෙනට් සභික මාරියා ෂර්ලොක් ඇතුළු කණ්ඩායමක් අයර්ලන්ත පාර්ලිමේන්තුවේ දී මුණගැසී

සාකච්ඡාවක නිරතව තිබේ.

එම සාකච්ඡාවේදී ලංකාවේ ආර්ථික අර්බූදය සහ ආණ්ඩුවේ මර්දනය පිළිබඳවත් අයර්ලන්තය තුළ ආචාර්‍ය උපාධි හදාරනු ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙනුත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ලිපියක්ද භාරදී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ සහ අයර්ලන්ත ලේබර් පක්ෂය අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර පාර්ලිමේන්තු සැසි වාරය නැරඹීමටද බිමල් රාත්නායක ඇතුළු පිරිස සහභාගී වී තිබේ.

මෙම හමුව සදහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂයේ අයර්ලන්ත සංවිධායක රුවන් සමරතුංග, ප්‍රභාත් ශ්‍රීලාල්, ලසිත් නිරොශන්, සරෝජනී රාජපක්ශ යන අය සහ අයර්ලන්ත ලේබර් පක්ෂය නියෝජනය කරමින් Cllr Brian McDonagh සහ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී Dr Darragh O’Donnelඇතුළු පිරිසක් සහාභාගී වී ඇත.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

නවතම පුවත්