ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට

පැමිණීමට සියලුම මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමටත්, එතෙක් විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.


පාලි සරසවිය මුදා ගැනෙයි

ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හෝමාගම පිටිපන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු ශිෂ්‍ය සංගම්වල ග්‍රහණයට හසුව මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබූ විශ්ව විද්‍යාල සිසු නේවාසිකාගාර ඉතිහාසයේ පලමු වරට විශ්ව විද්‍යාල පරිපාලනය යටතට ගෙන මුදා ගැනීමට හැකි වූ බව  ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූහ.

විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව අද සිට වසා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ එම අදහස් පල කරන ලදී.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් මෙසේ පැවසුහ.

" විශ්ව විදළ්‍යාල අධ්‍යාපණය ලබන තරුණ භික්ෂූන් වහන්සේලා නව මගකට යොමු කර ගැනීමටත් ශාසනික පරමාර්ථ ඉෂ්ඨ කර ගන්නත් විශාල බලපෑමක් මෙමගින් ඉටු වේවි.

දින කිහිපයක් ඇතුලත සමස්ත විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය විද්වතුන් ශාසන බළධාරීන් සමග සාකච්ඡා විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ පරමාර්ථ වෙත නව දිශානතියකට රැගෙන යාමට කටයුතු කරනවා.

මේ ශිෂ්‍ය සංගම්වල මේ ක්‍රියාවන්ට යම් දේශපාලනික මැදිහත් වීමක් ඇතැයි සිතනවා. විශ්ව විද්‍යාල සිසුන් මෙහෙයවනු ලබන්නේ අපි නොව වෙනත් බළල් අතක් බවට අපට හැගෙනවා. විශ්ව විද්‍යාලය තුලට දේශපාලන අතපෙවීම් තියෙනවා කියල හැගී ගොස් තිබෙනවා. විශ්ව විද්‍යාල දරුවන් හැර වෙනත් පිරිස් සිසු නේවාසිකාගාරවලට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදු කරනවා.''

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්