මෙරට පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජය මඟින් පරිත්‍යාග කර ඇත.



ඒ අනුව, රෙදි මීටර් තිස්ලක්ෂ දොළොස්දහස් පන්සිය අනූ හයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර එම රෙදි තොගයෙන් පළමු කොටස නැව්ගත කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.

චීනය විසින් පරිත්‍යාග කර ඇති එම රෙදි තොගය ලබන වසරේ මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබා දීමට අවශ්‍ය වන රෙදි තොගයෙන් සියයට 70ක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් වේ.

එම නිළ ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස රැගත් නෞකාව ලබන ජනවාරි 6 වන දා කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතය.

කොළඹ සිට යාපනයට ඇති දුර මෙන් දස ගුණයක පමණ රෙදි තොගයක් මෙරට සිසුන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් ඒ පිළිබඳ ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

xfgdf

dsfsd

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්