සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ බලවේගයේ උප සභාපති මෙන්ම එම පක්ෂයේ වැලිගම සංවිධායක
වන රේහාන් ජයවික්රම ට හෙට (20) පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණෙන්නැයි පොලිසියෙන් දැනුම්දීමක් ලැබී තිබේ.
ඒ, රනිල් වික්රමසිංහ අගමැතිව සිටියදී ජුලි 09 දා කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ඔහුගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාල ව ප්රකාශයක ගැනීම සඳහා යැයි පවසමිනි.
රනිල් වික්රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා වූ විමර්ශන මේවනවිටත් ක්රියාත්මක වෙමින් තිබෙන අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ පළමු දේශපාලන චරිතය රෙහාන් බව වාර්තාවේ.
සබැඳි පුවත් :
අගමැති රනිල්ගේ නිවසට ගිනිතබයි
අගමැතිගේ නිවසට ගිනි තැබීම: රහස් රැසක් එලියට