පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සංධානගතව තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව කැබිනට්
ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
නව සංධානය යටතේ නාම යෝජනා මණ්ඩල පත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියි.
පළාත් පාලන ඡන්දය කල් දැමීමේ සූදානමක් පවතින්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.
ඡන්දයකදී පොහොට්ටුව සිටිය යුතු තැන ගැන ගම්පහින් කියයි
මේ අතර ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටුව සන්ධානයකින් තරග කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.
මෙම කමිටුව පත් කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්රීනී සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන කමිටු සාමාජිකයන් විසින් මෙම වාර්තාව අද (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඇමතිවරයාට භාර දුන්හ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මතය අහඹු ලෙස විමසා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම මෙම කමිටුවට පැවරුණු වගකීමයි. කමිටුව පසුගිය දින දෙක තූළ රැස් වි අදාළ වාර්තාව සකස් කර තිබිණි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න