1200 x 80 DMirror

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත කිඹුලාඇළේ ගුණා ඇතුළු ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.‍



ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් මෙසේය.

1- කිඹුලාඇළේ ගුණා හෙවත් සී. ගුණසේකරන්‍
2- පූකුට්ටි කන්නා හෙවත් පුෂ්පරාජා‍
3- මොහොමඩ් අස්මින්‍
4- අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා‍‍
5- ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු
6- ලඩියා චන්ද්‍රසේන
7- ධනුෂ්ක රොෂාන්
8- වෙල්ලා සුරංග‍
9- තිලීපන්


‘කිඹුලාඇළේ ගුණා කොළඹ පදිංචිව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු’ වන අතර පකිස්ථාන ජාතික හජි සලීම් නමැත්තා සමග එක්ව එල්.ටී.ටී.ඊ. සංවිධානයට නැවත පණ දීමට ක්‍රියා කළ ප්‍රධාන සැකකරුවෙකු බව ඉන්දීය පොලිසිය පවසයි.

ඊට අමතරව මොවුන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මාෆියාවට සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

 

කිඹුලා ඇලේ ගුණා නැමති සැකකරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ට 1999 වසරේ දෙසැම්බර් 18 වැනිදා කොළඹ නගර සභා පිටියේදි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලද පුද්ගලයකු වන අතර කොළඹ මත්ද්‍රව්‍ය ජාලයේ සහ අපරාධ ගණනාවක නම් කියවුණු පුද්ගලයෙකි. ඔහු සමඟ ඔහුගේ පුත් තිලීපන්ද මේ වනවිට ඉන්දීය අත්අඩංගුවේ පසුවන අතර පූකුටි කන්නා නැමති ඔහුගේ හවුල්කරුවාද මෙරට මත් ජාලය සමඟ ගෑවුණු ප්‍රබල අපරාධකරුවෙකි. ඔවුන්ට අමතරව අදාළ විමර්ෂණ සදහා කොට ගාමිනී, ලඩියා, බුම්මා වැල්ලේ සුරංග යන ප්‍රබල පාතාල සාමාජිකයන්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.




මුලාශ්‍ර පුවත :
9 Sri Lankans arrested for illegal drugs and arms trade in India: NIA

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය