මරණ දඬුවම්, ජීවිතාන්තය දක්වා සහ බරපතළ අපරාධවලට බන්ධනාගාරගතව සිටින

බරපතළ රෝගාබාධවලට සහ වයස්ගත වූ රැඳවියන් විශේෂඥ වෛද්‍ය කමිටුවලට යොමු කර සහන සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, සිරකරුවන් පුනරුත්ථාපනය සහ යහපත් පුරවැසියන් ලෙස යළි සමාජගත කිරීමේ අභියෝගය ද සැලකිල්ලට ගෙන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ සමාජ අපරාධ අවම කරමින් කාර්යක්ෂම බන්ධනාගාර පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා දැනට පවතින යල් පැනගිය නීති සහ රෙගුලාසි සංශෝධනය කරමින් බන්ධනාගාර පද්ධතිය රටට සහ ජන සමාජයට බරක් නොමැතිව පවත්වාගෙන යාම සඳහා  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ බන්ධනාගාර අණ පනත් සංශෝධනය කිරීමට අවධානය යොමු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති නිවේදනයක් සඳහන් වේ.



ඒ අනුව, දැනට බන්ධනාගාර ගතව ජීවිතාන්තය දක්වා මරණ දඬුවම් නියමව, දැඩි ලෙස රෝගාතුරව සිටින සිරකරුවන් සහ වයස්ගත වූ සිරකරුවන් අධිකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් ලබා දෙන නිර්දේශ සහිතව එම සිරකරුවන්ට සහනයක් ලබාදීමට බන්ධනාගාර පනතට යම් සංශෝධන ගෙන එන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.




දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ දඬුවම් ලැබූ සිරකරුවන් 10,200 අධික පිරිසක් සිටින අතර 16,000 අධික පිරිසක් විවිධ සුළු අපරාධ හා වැරදි යටතේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස රැඳවුම් නියෝග ලැබ තිබේ. ලෝකයේ දියුණු රටවල සහ ආසියාතික ඇතැම් රටවල ද බන්ධනාගාර පද්ධතිය සමාජ අපරාධ පාලනය කරමින් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත වීම සඳහා විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වුවද, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් සිරකරුවන්ගේ ආකල්ප එතරම් දියුණු මට්ටමින් සංවර්ධනය නොවන බව හඳුනාගෙන තිබේ.

සිරකරුවන්ගේ සුබසාධනය, සමාජ ආරක්ෂාව සහ ආකල්ප පෝෂණය පිළිබඳව ද අවධානය යොමු කරමින් දැනට බන්ධනාගාර ගත රෝග සංකූලතා හා වෙනත් ශාරීරික සහ මානසික රෝග සැලකිල්ලට ගෙන බන්ධනාගාර පද්ධතිය තුළ ගුණාත්මක වෙනසක් සිදු කිරීම සඳහා මෙම පියවර කඩිනමින් ගැනීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කරයි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්