එල්පීඑල් පිටියේ සිය ආධිපත්‍යය මොනවට තහවුරු කරමින් අඛණ්ඩව තෙවන වරටත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පසුගිය අවස්ථා

දෙකේදීම ශූරයන් වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21වැනිදා) පස්වරුවේ සමත් වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (21) දිනයේ පළමු තරගය ලෙස පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ‘ජැෆ්නා කිංග්ස්’ පිල වනිඳු හසරංග මෙහෙයවන ‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල ලකුණු 24 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) පරාජය කළේය.

කැන්ඩි ෆැල්කන්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 143 (පැතුම් නිස්සංක 35, කමිඳු මෙන්ඩිස් 26, නජිබුල්ලා ශද්‍රාන් 22, මහේෂ් තීක්‍ෂණ 24/2, විජයඛාන්ත් වියස්ඛාන් 30/3) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 11 කදී කඩුලු 3 ට 98 (අවිෂ්ක ප්‍රනාන්දු 21, සදීර සමරවික්‍රම නොදැවී 15, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, කාලෝස් බ්‍රැත්වේත් 32/2)

jk 1jk 2 jk 4jk 5jk 3


කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ට සුපිරි ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඊයේ (21) පැවැති දෙවන තරගයේ ජය වාර්තා කිරීමට කලම්ඹු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාදවී ආරම්භ කෙරුණි.

ඒ එක් කණ්ඩායමක් පන්දුවාර 18කට සීමා කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමට ය.

ඒ අනුව නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 09ක් දැවී ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 108ක් රැස් කළේය.

සහන් ආරච්චි ලකුණු 53යි.

ජයග්‍රාහී ලකුණු 109ක ඉලක්කය හඹා ගිය කලම්බු ස්ටාර්ස් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

රවි බොපාරා නොදැවී ලකුණු 43යි.

 

ඊයේ රාත්‍රියේ ජයගත් කලම්ඹු ස්ටාර්ස් කණ්ඩායම සහ පළමු සුදුසුකම්ලැබීමේ තරඟයෙන් පරාජය වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර අද (22) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ජැෆ්නා කින්ග්ස් සමඟ ලබන 23 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්