කටාර් ලෝක කුසලානය දිනූ සිය ජයග්‍රාහී කණ්ඩායම ආපසු පැමිණීම දැක බලා ගැනීම සඳහා ආර්ජන්ටිනා වැසියන් දහස් ගණනක් බුවනෝස් අයර්ස්හි වීථි
දෙපස රැස්වී සිටියහ.
ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දඬුවම් පහරවලින් ප්‍රංශය පරාජය කළේය. මැදියම් රෑ පැවති වීරයන් පිළිගැනීමේ අවස්ථාවේ ක්‍රීඩකයෝ බස් රථවලින් සංචාරයක නිරත වූහ.
ආර්ජන්ටිනා කණ්ඩායම වසර 36 කට පසුව ලබා ගත් පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට ගිය ප්‍රේක්ෂකයන් අතරින් එක් අයෙකු මියගොස් වයස අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු තවත් පස් දෙනෙක් සිදු වූ අනතුරුවලින් කෝමා තත්ත්වයට පත්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අතර සුළු තුවාල ලැබූ පිරිස සිය ගණනක් ඉක්ම වන බව ද එම වාර්තාවල සඳහන් වේ.
පොලිස් පලවා හැරීම් මත දිව යන මවක් සහ දරුවන් දෙදෙනෙක්
ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම ගුවන් තොටුපළේ සිට විවෘත බස් රථයකින් ගමන් කරමින් එරට ප්‍රේක්ෂක ජනතාවගේ ආචාරය පිළිගැනීමට කටයුතු කර තිබුණි.
එහෙත් ජයග්රහණයෙන් උද්දාමයට පත්ව සිටි ආර්ජන්ටිනා ප්රේක්ෂකයන්ගෙන් පිරිසක් දැඩි ආවේගකාරී ලෙස හැසිරීම මත පොලිසිය සිය අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට කටයුතු කළ ද ඒ අතරින් පිරිසක් පොලිස් ජීප් රථයක් ද පැහැර ගැනීමට කටයුතු කර තිබුණි.
එසේම ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම ගමන් කරමින් තිබූ බස් රථයට පාලමක් මත සිටිමින් ප්‍රේක්ෂකයෝ බස් රථයට පැනීම මත සහ ආවේගශීලී ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම් එන්න එන්නම දරුණු අතට පත්වීමේ හේතුවෙන් ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම බස් රථයේ යෑම නතර කර ගුවන් යානයකින් ගමන් කිරිමට කටයුතු කර තිබුණි.
ක්‍රීඩකයන්ගේ බස් රථයට පනින්නට සැරසෙන ප්‍රේක්ෂකයෙක්
මේ හේතුවෙන් ප්‍රේක්ෂකයන් ලක්ෂ සංඛ්‍යාවකට සිය ජයග්‍රාහී ක්‍රීඩකයන් දැක බලා ගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරුණු බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර සිටී.
ජයග්‍රහණය සැමරීම පිණිස වහලයක් මත උඩ පනිමින් සිටි 24 හැවිරිදි ප්රේක්ෂකයකු මෙම සිද්ධීන් අතරතුර මියගොස් තිබේ. එම වහලයේ තාවකාලික යොදා තිබූ ප්ලාස්ටික් සීට් එකක් මත වැරදීමකින් අඩිය තබා එය කඩා වැටීමෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇත.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න