ලෝකයේ ජනප්‍රිය ආහාරයක් ලෙස සැලකෙන චිකන් ටික්කා මසාලා (Chicken tikka masala) හඳුන්වා දුන් බවට

පිළිගැනෙන අලි අහමඩ් අස්ලම් (Ali Ahmed Aslam) අභාවප්‍රාප්ත වී තිබේ.


මිය යන විට ඔහු 77 වන වියේ පසු විය.‍‍

1970 වසරේදී ඔහු පළමු වරට චිකන් ටික්කා මසාලා සකසා ඇතැයි පැවසේ.

ඒ, ඔහුගේ අවන්හලෙහි සැකසුණු කුකුල් මස් වෑන්ජනයක පැවති වියළි ස්වභාවය අඩු කරන ලෙස ගනුදෙනුකරුවෙකු කළ ඉල්ලීමකට අනුව ය.

එම ඉල්ලීම සඳහා ඔහු දුන් විසඳුම වූයේ, උකු තක්කාලි සෝස් ප්‍රමාණයක් එම කුකුල් මස් වෑන්ජනයට එක් කිරීම ය.

චිකන් ටික්කා මසාලා බිහි වූයේ, ඒ අනුව ය.

ඔහු පකිස්ථානයේ උපත ලබා ඇති අතර පසුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) වෙත පැමිණ 1964 වසරේදී Shish Mahal නමින් අවන්හලක් විවෘත කර තිබිණි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්