ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට අවස්ථාව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම විසින් හිමි කර ගනු ලැබිය.


ඒ, කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර ඊයේ (22) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමත් සමගය.

කාසිය වාසිය දිනාගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.

එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක වනිඳු හසරංග පන්දු 34ක දී නොදැවී ලකුණු 77ක් රැස් කළේය.

ඒ අනුව ගොඩනැගුණු ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කය, හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රාහණය තමන් සතු කර ගත්හ.

මෙම තරගයෙන් ජයගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග LPL කිරුල වෙනුවෙන් අද (23) තරග වැදීමට නියමිතය.


සබැඳි පුවත් :
යාපනය තෙවැනි වරටත් ආධිපත්‍යය පතුරවයි - අවසන් මහ තරගයට එති

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්