පොලිසිය ලවා පාසල් දරුවන්ගේ කෑම පෙට්ටි පරික්ෂාවෙන් ඔබ්බට ගොස් 'අයිස් ව්‍යසනයෙන්' ළමා පරපුර බේරා ගැනීමට සක්‍රිය මැදිහත්වීමක් කරන්නයි
උපකාරක පන්ති ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අභියෝග කර සිටියි.



ඔහු එබව සඳහන් කර සිටියේ, සමාජය තුළ වසංගතයක් ආකාරයට පැතිර යන අයිස් හෙවත් මෙතැම්ෆෙටමින් (Methamphetamine) මත්ද්‍රව්‍ය ව්‍යසනයට මුහුණදීම සඳහා "අයිස් දියකරමු" නමින් Lanka Change Makers සමූහය විසින් ආරම්භකර ඇති සමාජ සත්කාරක මෙහෙයුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඊයේ  (22)  කොළඹ "රැඩිකල් සෙන්ටර්" හීදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

Lanka Change Makers සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන හේමප්‍රිය කවිරත්න එහිදී සඳහන් කලේ, එම මාධ්‍ය හමුවට පෙර 'අයිස්' ගෙන්වන ඩීලර්ස්ලා කිහිප දෙනෙකු සමග මෙන්ම, අයිස් බොන කිහිප දෙනෙකුට සමග සාකච්ජා කල බවයි.

 

''මම මේ වැඩසටහනට එන්නට පෙර අයිස් ගෙන්වන ඩීලර්ස්ලා එක්කයි, අයිස් බොන අය එක්කයි කතා කරලා තමයි ආවේ. මීට පෙර කන්සා විකුණන අය තමයි දැන් අයිස් කියන මත්ද්‍රව්‍ය විකුණන්නේ. මොකද දැන් කන්සා හොයාගන්න නැති නිසා. අයිස් ගහන අයත් එක්ක කතා කරපුවාම ඒ අය කියන්නේ අයිස් ගහපූවහම එකිනෙකාට ප්‍රතිඵල වෙනස් කියලයි. මේකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ අපි ජාතියක් හැටියට ඉතාම පහළ මට්ටමට ඇද වැටෙන එකයි.. ''

 

ඔහු එම මාධ්‍ය හමුවේදී තවදුරටත් මෙසේ සඳහන් කළේය.


''මොකක්ද මේ වෙලාවේ ලංකාවේ සමාජය තුළ ප්‍රධාන වශයෙන් කතාවෙන සමාජ ප්‍රශ්නය.

අපි දැක්කා මාධ්‍ය ගත්තොත් ජන සමාජය ගත්තොත් ජන සමාජය ඉතා ප්‍රබල භීතියකට පත්වෙලා තිබෙන මාතෘකාවක් මේ දවස්වල සමාජයේ කතා වෙනවා සහ මාධ්‍ය විසින් ඒක ඉතාම ප්‍රබල ලෙස ඇතැම් විට උලුප්පා දක්වමින් වෙන්න පුළුවන්. ඇතැම් විට පමණ ඉක්මවා ගිය ආකාරයට උලුප්පා දැක්වීමක් වෙන්න පුළුවන්. කොහොම හරි මේ පිළිබඳව කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඒ අයිස් කියන මත්ද්‍රව්‍ය පිළිබඳවයි.

සාමාන්‍යයෙන් ලෝකයේ මත්ද්‍රව්‍ය කියන එක ගත්තොත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්.  නීත්‍යානුකූල මත්පැන් වර්ග තියෙනවා. ඒ වගේම නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. එතකොට මේ වන විට අපි සාකච්ඡා කරන මේ අයිස් කියන මත්ද්‍රව්‍ය කියන්නේ මෑතකදී අන්තරාදායක ඖෂධ පනත් කෙටුම්පත ශෝධනය කරමින් ඒක ලංකාවට ඉතාම හානිදායක ද්‍රව්‍යයක් ලෙස නම් කරනු ලැබුවා.

ඇත්තටම මේ සම්බන්ධයෙන් දැන් ලංකාවේ  ඇතැම් මාධ්‍ය ආයතන අපි දැක්කා කියනවා මේ ගැන තාම ප්‍රබල ලෙස උලුප්පා දක්වමින් කතා කරලා ජන සමාජය තුළ වැරදි මතයක් නිර්මාණය කරලා වැරදි මතයක් වැරදි චිත්‍රයක් නිර්මාණය කරනවා කියලා. ඒක යම් ආකාරයකට දේශපාලන වාසියක් දක්වා ගෙන යාමට උත්සාහ කරනවාද කියන එක පිළිබඳ චෝදනා එල්ල වෙලා තියෙනවා සමහර මාධ්‍ය ආයතනවලට.

 

අපිත් මේ ගැන යම් ප්‍රමාණයකට හොයලා බැලුවා. අපි හොයලා බලපුවාම ඇත්තටම මේ ජන සමාජයේ අයිස් තියනවද මේ අයිස් සම්බන්ධයෙන් තියෙන කතිකාව ඇත්තක්ද? ඇත්තටම අයිස් නැති කළ යුතුද? අයිස් දිය කළ යුතුද? කියන කාරණාව පිළිබඳව අපි හොයලා බලද්දී අපට තේරෙන කාරණාව තමයි සහ අපේ හැදෑරීම් එක්ක සහ අපේ අත්දැකීම් එක්ක, ඇත්තටම මේ ජන සමාජයේ මීට පෙර තිබුණ තත්ත්වයට වඩා ඉතා උග්‍ර ව අයිස් කියන මත්ද්‍රව්‍ය මේ සමාජයේ අධික විදිහට භාවිතා වෙනවා. ඒ ඇත්තට අපි මුහුණ දෙන්න ඕනේ කියන කාරණාව තමයි මම මේ මොහොතේ මතු කරන්නේ. 

 

ඒ නිසා ඒකෙදි අපි දකින කාරණය තමයි ලංකාවේ මීට පෙරත්  ගත්තොත් අයිස් සම්බන්ධයෙන් වර්ෂ 2008 විතර ලෝක ප්‍රසිද්ධ ටීවී සීරියස් එකක් ගියා. ඒ තමයි breaking bad කියලා ඒ 2008.  ඇමරිකන් එක්සත් ජනපදය හා මෙක්සිකෝව වගේ රටවල් වල සාකච්ඡා කරපු මත්ද්‍රව්‍ය පිළිබඳව අද අපි 2022දී සාකච්ඡා කරනවා. ඇයි මෙහෙම අපිට සාකච්ඡා කරන්න සිද්ධ වුණේ.





මම මේ පිළිබඳව හොයලා බලපුවහම ලංකාවෙත් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මේ මෑතකදී ආව එකක් නෙවෙයි. මේක ඉහළ සමාජ වල තිබ්බ දෙයක්. ඉහළ තත්වයන් වල අපි ගත්තොත් නයිට් ක්ලබ් වල වගේ තැන්වල මේවා තිබිලා තියෙනවා. නමුත් මේ නවිට මේකෙ ඇතිවෙලා තිබෙන භයානක කම තමයි පහළ ස්ථර දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා.

 

හෙරොයින් වගේ මත් ද්‍රව්‍යයක් ගත්තොත් හෙරොයින් පාසල් සිසුන් ඉලක්ක කර ගත්තේ නැහැ. පහල ස්ථරලයන් ඉලක්ක කර ගැනීමක් ඒ තුළින් දක්නට ලැබුනේ නැහැ. මේ මත්ද්‍රව්‍ය විකුණන අය සහ ඩීලර්ස්ලා යම් ආකාරයෙන් අපේ රටේ අනාගතය තමයි පහතට, අදුරට ඇදලා දාන්න උත්සාහ කරනවා කියන එක තමයි අපිට පේන්නේ. අවුරුද්දකට විතර පෙර ප්‍රසිද්ධ ගායකයෙක් වන සංගීත් විජේසූරිය මේ සම්බන්ධයෙන් ලංකාවේ ජන සමාජය තුළ යම් කතිකාවක් ඇති කරා.

 



''අපිත් දකිනවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඉහළ ස්ථරයක දෙයක් මේ වන විට සමාජයේ සෑම ස්ථානයක්ම වෙලා ගනිමින් සිටින බව. අපට දක්නට  දකින්නට ලැබෙන්නේ මේකේ ප්‍රධාන වශයෙන් ඉලක්ක ගත වෙලා තියෙන්නේ තරුණ ප්‍රජාව. ඒ වගේම ඒකත් අවුරුදු 14 15 16 17 මට්ටමේ පොඩි දරුවෝ භාවිතා කරන තැනට පත්වෙලා තියෙනවා. ඒක ලොකු ඛේදනීය තත්ත්වයක් ලෙස තමයි අපි කණ්ඩායමක් ලෙස දකින්නේ.  

ප්‍රශ්නය තියෙන්නේ මේකට අපි මොකද්ද කරන්න ඕනෙ. හෙරොයින් වික්කෙ ළමයි නොවන ඉහළ පැලැන්තියට නම් මේවා විකුනන්නේ ළමයින්ට නම් අපේ ඉලක්කය වෙන්ඩ ඕනේ මෙය කොහොමද මර්දනය කළ යුත්තේ කියන එකයි.  අපි දකිනවා අපේ රටේ හන්දියක් හන්දියක් ගානේ ස්පා තියෙනවා ඒ කියන්නේ මසාජ් ක්ලිනික් කියන එක සාමාන්‍යයෙන් රටකට එහෙම ලිංගික ශ්‍රමිකයින් අවශ්‍යයි කියන එක අපි සංවිධානයක් හැටියට පිළිගන්නවා. නමුත් මේ මත්ද්‍රව්‍ය සමාජයේ ව්‍යාප්ත වීමේ දී මෙම ස්ථාන ඉතාම ප්‍රබල ලෙස දායක වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපට අධ්‍යයනය කරද්දී යම් ආකාරයකට හෙළිවුණා.  

මම විශ්වවිද්‍යාල දෙකක අධ්‍යාපනය හදාරලා තියෙනවා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ කැලණි විශ්ව විද්‍යාලය. ඒ කාල වකවානුවේදී ප්‍රධාන වශයෙන් තිබුණේ කංසා එහෙම නැත්නම් ගංජා කියන මත්ද්‍රව්‍ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යම් ප්‍රමාණයක් එකට එකතුවෙලා අරක්කු බෝතලයක් බෙදාගෙන බොනවා. එහෙම නැත්නම් ගංජා පානය කරන අයත් විශ්ව විද්‍යාලයේ යම් ප්‍රමාණයකට හිටියා.  මේකට සමගාමීව අයිස් යන මත්ද්‍රව්‍ය ඒකට අනුපූරක යක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒකක් අපිට යම් ආකාරයකට අවධානය යොමු කළ යුතු කාරණයක් බවට පත්වෙනවා.

 

අපි ගත්තොත් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මිනිස්සුන්ගෙ මනස ට ප්‍රබලව හානි සිදු කරනවා. ඒ වගේම මිනිස් ශරීරයට ඉතාම ප්‍රබලව හානි සිදුකරනවා. ඒ නිසා කන්සා කියන මත්ද්‍රව්‍ය අයිස් කියන මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව ගත්තොත් අයිස් කියන මත්ද්‍රව්‍ය මිනිස් ශරීරයට දරුණු ලෙස හානි සිදුකරනවා. මේකට අපි මොනවද කරන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ගත්තොත් කල යුතු කණ්ඩායම් මොනවද කියන එක අපි  තෝරන්න ඕන. දේශපාලකයන්ට මේ පිලිබඳ වගකීමක් තියෙනවා. ඒ වගේම දේශපාලකයින්ට චෝදනාවක් තියෙනවා.

 

හේමප්‍රිය කවිරත්න ගේ සමස්ත පැහැදිලි කිරීම පහත විඩියෝවෙන් බලන්න.






සබැඳි පුවත් :


මත්ද්‍රව්‍ය භාවිතය නිසා බන්ධනාගාරගත වන සිසුන්ගේ වැඩි වීමක්
'අයිස් දියකරමු' - Lanka Change Makers


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්