මොස්කව් සිට සංචාරකයන් 288 ක් රැගෙන අද උදේ 10.20 ට 29 වන Aeroflot ගුවන්යානාව සහ ශාන්ත ක්‍රස්නොයාර්ස්ක් සිට සංචාරකයන් 335 ක් රැගෙන උදේ 10.40 ට 31 වන AZUR Air ගුවන්යානාව කටුනායක ගුවන් තොටුපලට පැමිණියේය.


ඒ අනුව අද දින සංචාරකයන් 623 ක් පැමිණියේය.

එසේ දැනට රුසියාවේ සිට ඍජු ගුවන්යානා 60 කින් සංචාරකයන් 18,508 ක් පැමිණ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

දෙසැම්බර් 29 සිට සතියකට රුසියානු ගුවන්යානා දෙක බැගින් මත්තල ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බවද ඔහු කියා සිටියි.


ඔහු තවදුරටත් මෙසේ පැවසිය.


'' එදා මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයෙහි ඇති එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත ගොඩනැගිල්ල වී ගබඩා කිරීම, හුදෙක් රටේ ආර්ථිකයෙන් හා රාජ්‍ය සම්පත් වලින් යහපාලන නායකයන් සිදුකළේ දේශපාලන පලිගැනීමක්. එසේම යහපාලන බලධාරීන්, මගේ සියලු ගිණුම් මාස 93 ක් තිස්සේ අක්‍රිය කරමින්, බොරු චෝදනා හුවා දක්වමින්, තවමත් මට සිදු කරන්නේ දේශපාලන පළිගැනීමක්.

එසේ වුවත්, දෙසැම්බර් 29 සිට සතියකට රුසියානු ගුවන්යානා දෙකක් රැගෙන එන්නේ, තවදුරටත් දේශපාලන පළිගැනීම් සිදූවන යුගයක බව රටෙහි නායකත්වයට කියා යුතුයි.

අපි දෙසැම්බර් 29 සිට සතියකට ගුවන් යානා දෙකකින් රුසියානු සංචාරකයන් 822 ක් මත්තල ගුවන් තොටුපොළට රැගෙන එන්නේ ඇමරිකානුවන්ට අපේ දුපත විකිණීමට නොවන බව බලධාරීන්ට මතක් කළ  යුතුයු.''



PHOTO 2022 12 23 13 23 18



 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්