නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට දිනකට කෝටි දෙකක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.


එහි සමලේකම් ඉංජිනේරු ඉසුරු කස්තුරිරත්න පැවසුවේ ලබන 06 වනදා හෝ 10 වනදා පමණ වන තෙක් නොරොච්චෝලේ බලාගාරයේ එම ජනන යන්ත්‍රය අක්‍රියව තැබීමට සිදුවන බවයි. ඒ අනුව එමඟින් අහිමිවන විදුලි ධාරිතාව සපුරා ගැනීමට පෞද්ගලික බලාගාරවලින් වැඩි වශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.



මෙලෙස අනවශ්‍ය ලෙස වියදම් වන මුදල පියවීමට සිදුවන්නේ ජනතාවට බවද මෙහිදී ප්‍රකාශ අවධාරණය කළේය.


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් දෛනිකව මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරේ. පවතින ගල් අඟුරු තොග ආරක්ෂා කර ගැනීමේ අරමුනින් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක ජනන කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති අතර ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 300කි. 

 
 
වීඩියෝ
ආණ්ඩුව පෙරළන නිලධාරී කුමන්ත්‍රණයක් ! | RED ALERT | The Leader TV
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්