නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයට එක්වෙමින් එතුමන් මෙම ඉල්ලීම සිදු කළ අතර යේසුස් වහන්සේගේ උපතින් වසර දෙදහසකට පසුව, බොහෝ නත්තල් සැරසිලි සහ සැමරුම් පැවතිය ද නත්තලේ සැබෑ අරුත ලෝකවාසින් අමතක කර ඇතැයි ශුද්ධෝත්තම පියතුමන් පැවසීය
ලෝකයට, සාමයේ පණිවිඩය රැගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව එළිය දුටු අසිරිමත් නත්තල අදයි.
සාමයේ සහ සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලෝකයට ගෙනා ජේසුස් වහන්සේගේ උපත සිහිපත්කරන නත්තල් උත්සවය ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් වූ ගෞරවයෙන් යුතුව සමරයි.
ලොව එතෙක් පැවති මඟ වෙනස් කරමින් මානව දයාවෙන් පිරිපුන් නැවුම් වූ මඟක් ලොවට විවෘත කරමින්, මිනිස් වර්ගයා පාපයෙන් මුදවා ගැනීම පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙරමුණ ගත්තේ ය.
මෙවර ලොව පළමුව නත්තල උදාවූයේ නවසිලන්තයටයි.
ඉන්පසු හෝරා කිහිපයකින් බටහිර රටවලට නත්තල උදා වූ අතර මෙවර ලෝකවාසීන් නත්තල සමරන්නේ කොරෝනා වසංගතයෙන් වසර තුනකට පසුවයි.
රුසියා - යුක්රේන යුද්ධය ද මෙවර ලෝක සාමයට තර්ජනයක්ව ඇති අතර යුද ගිනි දැල් මැද නත්තල සැමරීමට නොහැකිව යුක්රේන ජනතාව දැඩි ශෝකයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Pope Francis says world suffering a 'famine of peace'
Pope condemns human 'hunger for wealth and power' at Christmas Eve Mass