නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීම මේවන විට අර්බුදකාරී තත්ත්වයක පවතින බවත් ලබන 8 වැනිදා දක්වා පමණක් ගල්අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන ජනන යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ගල්අඟුරු

මෙට්‍රික් ටොන් හැත්තෑ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බලාගාරය සතුව ඇති බවත් බලාගාරයේ පාලන අධිකාරිය සඳහන් කරයි.

ඉදිරි දින කීපය තුළ මෙසේ බලාගාරය පවත්වා ගැනීමට හැකියාවක් පැවතියද ඉදිරියේදී ගල්අඟුරු සැපයීමට නොහැකි වුවවොත් කිසිම ආකාරයකින් බලාගාරය පවත්වා ගැනීමට නොහැකි බව පාලන අධිකාරිය කියා සිටී.

ගල්අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් බලාගාරය සතු ජනන යන්ත්‍ර තුනෙන් දෙවන යන්ත්‍රය ඉකුත් 22 වැනිදා සිට අක්‍රීය කිරීමට ද එහි පාලන අධිකාරිය කටයුතු කළේය.

 සාමාන්‍යයෙන් පුත්තලම් මුහුදේ වාරකම් නොමැති කාලය ලෙස සැලකෙන්නේ, ඕනෑ ම අවුරුද්දක සැප්තැම්බර් මස මැද සිට අප්‍රේල් මාසයේ මැද දක්වා පමණ කාලයයි. මේ කාලය තුළ මුළු අවුරුද්දට ම බලාගාරයට අවශ්‍ය කරන ගල් අඟුරු තොග ගොඩ බා ගත යුතු වේ.

බලාගාරය සඳහා දිනකට මෙට්ට්‍රික් ටොන් 7500ක ගල් අගුරු අවශ්‍ය වන අතර, වසරට ම මෙට්ට්‍රික් ටොන් 60000ක් එනම් නැව් 38ක් අවශ්‍ය බව වාර්තාවේ.

නමුත් සැප්තැම්බර් සිට අද දක්වා ගොඩ බා ඇත්තේ, නැව් 5ක් වන අතර, 6 වැනි නැව පැමිණෙන්නේ ජනවාරි මස මුල් සතියේ වන බව සඳහන් වේ.

මේ අතර, ගල්අඟුරු නැවක් ගොඩ බෑම සඳහා දින 5ක් ගත වන බවත් දැනට ඉතිරි දිනවලින් බෑමට හැක්කේ, නැව් 25ක් වැනි ප්‍රමාණයක් බවත් විශේෂඥයන් පවසති.

සතියකට නැව් 5ක් ගොඩ බෑ හැකි බවට ඇතැම් අය පැවසුවත් එය කිරීමට අසීරු දෙයක් බව බව හා නැව් 20ක් සඳහා ටෙන්ඩර් දමා තිබුණත් තව ම පැමිණ ඇත්තේ, නැව් 5ක් පමණක් බව වාර්තාවේ.

මේ තත්ත්වය තුළ ඉතිහාසයේ දරුණුතම විදුලි කැපිල්ල සඳහා පාර කැපීමක් සිදුවෙමින් පවතින බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් වැඩිදුරටත් පවසති.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්