හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග අද (26) අද දිවයිනෙන් පිටව ගොස් ඇත.
ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය වන ඩී.එච්.රාජපක්ෂ එසේ විදේශගතව තිබේ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගියබව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඥාතීන් කටුනායක සිට ඩුබායි බලා ගමන්කිරීමෙන් අනතුරුව අමෙරිකාව බලා යාමට නියමිත බවය.