ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා සහ කේ.එල්. රාහුල් ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බවට වාර්තා වෙයි.

බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවති දෙවන එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ රෝහිත් ශර්මා මෙතෙක් සුවය නොලැබීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම අදාළ තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර කේ.එල්. රාහුල්ගේ විවාහ උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඔහුද තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බව වාර්තාවෙයි.

විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ශ්‍රි ලංකාව සමඟ තරගාවලිය ලබන ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.

Time 2022.12.24


නිල තරග විකාශක SUPREME TV


මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.

සුප්‍රීම් ටීවී UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ), UHF අංක 49 ( බස්නාහිර ට), UHF අංක 28 (දකුණට ), UHF අංක 56 ( සබරගුමුවට ) හා ඩයලොග් ටීවි නාලිකා අංක 20 , පියෝ ටීවී නාලිකා අංක 140 හා Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.


new logo


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්