ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින පසුබිමක නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට උත්සාහ දරණ පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවති.
වියට්නාමයේ සරණාගත කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 151 දෙනෙකු අද (දෙසැම්බර් 28) දින අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එවා තිබේ.
කටුනායක ගුවන්තොටුපලේදී එම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දුන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක හංසිකා කුමාරසිංහ පැවසුවාය.
ඒ අතර කාන්තාවෝ නව දෙනෙකු සිටිති. මෙම පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කැමැත්ත පළ කිරීම නිසා ඔවුන්ට පැමිණීමේ පහසුකම් සැලසු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හංසිකා කුමාරසිංහ කියා සිටියාය. තවත් පිරිසක් තවමත් වියට්නාමයේ රැඳී සිටිති.
සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM), විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය මෙම කටයුතු සඳහා මැදිහත්ව ඇත.
(BBC සිංහල සේවය)