ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.



මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයින් දෙපළකගේ සහාය හිමිවීම විශේෂත්වයකි.

එහිදී එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර විස්සයි විස්ස තරග සඳහා උප නායකත්වය වනිඳු හසරංගට හිමිව තිබේ.

මේ අතර භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණක් ඇතුළත් කර තිබේ.

එසේම මෙම සංචාරයේදී එක්දින තරග සඳහා පමණක් නම්කර ඇති ක්‍රීඩකයින් වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවනිඳු ප්‍රනාන්දුයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිවූ එම සංචිතය පහතින්.

lkcvade

විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ශ්‍රි ලංකාව සමඟ තරගාවලිය ලබන ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.

Time 2022.12.24



නිල තරග විකාශක SUPREME TV


මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.

සුප්‍රීම් ටීවී UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ), UHF අංක 49 ( බස්නාහිර ට), UHF අංක 28 (දකුණට ), UHF අංක 56 ( සබරගුමුවට ) හා ඩයලොග් ටීවි නාලිකා අංක 20 , පියෝ ටීවී නාලිකා අංක 140 හා Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.

 

  


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්