ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම නිසා ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3300කට අධික මුදල් ගෙවිමට සිදුව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
විදේශ ණය ආධාර යටතේ 2014-16 කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් මෙලෙස බැඳිම් ගාස්තු ගෙවීමට සිදුව ඇති අතර එය විදේස් මුදල් අනුව ඇමරිකන් ඩොලර් 93,175,883ක්ද, යුරෝ 70,213,886ක්ද, හා යුආන් 1,328,347ක්ද බවද වාර්තාවේ සඳහන් වේ.
මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර එසේ බැඳිම් ගාස්තු ගෙවිමට සිදුවු ව්‍යාපෘති විවිධ හේතු මත 2020 වසර අවසන් වන විටද අවසන් කිරිමට අසමත්ව තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.
විගණන වාර්තාවට අනුව මෙලෙස බැඳිම් ගාස්තු ගෙවිමිට සිදුව තිබෙන්නේ බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගය දිර්ඝ කිරිමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යරක්ෂන සහ සනිපාරක්ෂන මුල පිරිම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමයට, විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියට ලබාදුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් ශේෂයන් වෙනුවෙනි.
මේ බව සඳහන් වන්නේ 2021 වාර්ෂික විගණකාධිපති වාර්තාවේය.
(lankadeepa.lk)