මෙරට ජනප්රිය සංගීත කණ්ඩායමක් වන, නීල් වර්ණකුලසූරිය ප්රධාන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පි චලන පියුමන්ත අභාවප්රාප්ත වී තිබේ.
ඊයේ (28) රාත්රියේ ඇහැලියගොඩ ප්රදේශයේ පැවති ප්රසංගයකට ඔහු සහභාගී වී ඇති අතර ප්රසංගය නිමවී ආහාර ගනිමින් සිටිය දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මියයනවිට ඔහු 36 වියෙහි පසුවිය.