theleaderlk 01

ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත

ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටවීමට දින තුනකට පෙර සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk හෝ eservices.immigration.gov.lk  යන වෙබ් අඩිවලට පිවිසීමෙන් කාඩ්පත සම්පූර්ණ කළ හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන සියලුම මගීන් පහසුව වෙනුවෙන් මෙම පියවර ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසයි.


JW

 

 

නවතම පුවත්