ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීමේ කටයුත්ත

එකඟතාවයකින් තොරව කල් ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවැසීය.

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකගතාවයෙනි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුක්ත වන අතර එහි සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (29) සාකච්ඡාවක් පැවති නමුත් එය එකඟතාවයකින් තොරව අවසන්වී තිබේ.



මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කළ යුතු වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීමෙන් අනතුරුවයි.



ජාතියට කරනු ලබන ද්‍රෝහිකමක් !

ව්‍යවස්ථා සභාව සඳහා පත්කර ගත යුතු සිවිල් සමාජ නියෝජිතයන් මේ වන තෙක් පත්කර නොමැති වීම දැඩි ලෙස විවේචනය කරන හිටපු කතානායක කරු ජයසුරිය, එය ජාතියට කරනු ලබන බලවත්ම ද්‍රෝහිකමක් වනු ඇතැයි අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ පොදු යහපත උදෙසා පෙනීසිටින සමාජ බලවේගයන්හි දැඩි පරිශ්‍රමය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  21 වැනි සංශෝධනය සම්මත කර මේ වන විට මාස දෙකක කාලයක් ඉක්මවා ඇතත් එකී සංශෝධනය මගින් අපේක්ෂා කරන ලද ඇතැම් මූලික හා ප්‍රධාන අරමුණු ඉටු කිරීම සඳහා රජය මේ දක්වා පියවර ගෙන නොතිබීම පිළිබඳව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සිය නිවේදනය මගින් කනස්සල්ල පළකර ඇත.


සබැඳි පුවත් :

ජාතියට කරනු ලබන බලවත්ම ද්‍රෝහිකමක් ගැන කරු කනස්සල්ලෙන් !

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්