ප්‍රවීණ මාධ්‍යවේදී කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ රත්නපාල විතාන මහතා කැනඩාවේදී අද (29) උදෑසන අභාවප්‍රාප්ත විය.



මියයන විට 94 වන වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

1950 දශකයේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ පුරෝගාමිත්වයෙන් පළ වූ ‘‘සිංහල ජාතිය’’ පුවත්පත හරහා පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා පසුව කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ පිහිටුවා තිබු ටයිම්ස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ 'ලංකාදීප' පුවත්පතට ආරම්භක යුගයේදීම එක්වූ සාමාජිකයෙකි.

ඓතිහාසික කරුණු අළලා ගවේෂණාත්මක ලිපි ලිවීමෙහි රුසියකු වූ විතාන මහතා ලියූ ලිපි එකල ආන්දෝලනාත්මක වූ බව පැවසේ.

විශේෂයෙන් දුටුගැමුණු භෂ්මාවශේෂ පැරණි මඩු ගබඩාවක මැයෙන් එකල ටයිම්ස් ආයතනයේ ලංකාදීපයට ඒ මහතා ලියූ ලිපිය මහත් සේ සමාජ කතාබහට ලක්විය. ඊට අමතරව බලංගොඩ මානවයා සම්බන්ධව ලිපි පළකර තිබේ.

සරල සුගම ශෛලියෙන් සිංහල බස හැසිරවීමෙහි හපන්කම් පා ඇති රත්නපාල විතාන මහතා, ටයිම්ස් ආයතනය වැසීමෙන් පසු මහවැලි සංවර්ධන අමාත්‍ය  ගාමිණී දිසානායක මහතාගේ ඇරයුමෙන් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිලධාරි ලෙසද කටයුතු කළේය.

පසුව සිය දරුවන් සමග හෙතෙම කැනඩාවේ  පදිංචියට ගොස් ඇත.

ටයිම්ස් ආයතනයේ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

කැනඩාවේ පදිංචි වුවද පත්තර කලාව අත්නොහැරිය විතාන මහතා, එහි සිට විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප පුවත්පතට වරින් වර ලිපි සැපයුවේය.

ඔහුගේ දියණියක වන ජානකී විතානගේ කලක් දිනමිණ මාධ්‍යවේදිනියක සේ ක්‍රියා කළාය.

මරණයෙන් පසු කල් නොයවා ඉතාමත් ඉක්මනින් අවසන් කටයුතු කරන ලෙසට ඒ මහතා කර තිබූ ඉල්ලීමක් පරිදි හෙට (30) වැනිදා කැනඩාවේදී අවසන් කටයුතු සිදුකෙරේ.

(lankadeepa.lk)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්