එක්සත් ජාතික පක්ෂයේ සිංහල-බෞද්ධ පදනම ශක්තිමත් කරලමින් පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා පක්ෂයේ නායකයා ලෙසත් ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙසත් කරු ජයසුරිය නම් කළ යුතු බවට මේවනවිට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක හා එරාන් වික්‍රමරත්න එහි පෙරමුණ ගෙන සිටිති.
සජිත් ප්‍රේමදාස වෙනුවට කරු ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කලේ නම් ගෝඨාබය රාජපක්ෂට හොඳ සටනක් දීමට අවස්ථාව තිබු බව පවසන එජාපයේ ඇතැම් නායකයින් පක්ෂයේ සිංහල- බෞද්ධ පදනම යලි ශක්තිමත් කිරීම වහාම කරු ජයසුරිය වෙත පැවරිය යුතු බවටත් යෝජනා කර සිටිති.
මේ සම්බන්ධයෙන් මේවනවිටත් අභ්‍යන්තර සාකච්ජා වටයක් ආරම්භ වී ඇති නමුත් කතානායක කරු ජයසුරිය මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
රනිල් විශ්‍රාම ගැනීම නිවේදනය කරයි !
මේ අතර lankanewsweb.netවාර්තා කර ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි.
lankanewsweb.netවෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ එබව සඳහන් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු වාරාවසාන වන විට සිය 42 ක දේශපාලනයට සමු දෙන බව රනිල් වික්‍රමසිංහ පැවසු බව එම වෙබ් අඩවිය අවධාරණය කර සිටියි.
සබැඳි පුවත් :
එජාප ජ්‍යෙෂ්ඨයින් ගෙන් අලුත් යෝජනාවක් : නායක -සජිත්; විපක්ෂනායක රනිල් !