හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතත් ඔහු දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර නැතැයි ඔහුගේ සමීපතම හිතවතකු පැවසිය. ඔහු එබව කියා සිටියේ, මංගල සමරවීර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් theleader.lkකළ විමසීමකදීය.

එම ප්‍රකාශකයා තවදුරටත් මෙසේද පැවසිය.

''මංගල සමරවීර දේශපාලනයෙන් ඉවත්වන බවට පැතිරයන යන කතාව බොරුවක්. ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම් සමුගන්න තීරණය කරලා තියනවා. මංගල කියන්නේ දේශපාලන සත්වයෙක්. 

මංගල, ඔහුගේ දේශපාලන ආරම්භකළ දවසේ ඉඳලම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් මත ක්‍රියාකළ කෙනෙක් කියන කාරණය විපක්ෂයේ අයෙකුට වුවත් ප්‍රතික්ෂේප කරන්න බැරි කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා සංහිඳියාව යන මුලික සිද්ධාන්ත මත කටයුතු නොකර රටේ ආර්ථික සංවර්ධනයක් ගොඩනැගිය නොහැකිබව ඔහු දැඩිව විශ්වාස කළා විතයක් නෙමෙයි, ඒ වෙනුවෙන් නොයෙකුත් බාධක ඉදිරියේ දැඩිව පෙනී සිටියා. 

ඇමතිවරයකු ලෙස තමන්ගේ අමාත්‍යංශයේ වැඩ කරන ගමන් ම ඔහු LTTE තර්ජන පවා තිබියදී සාමය වෙනුවෙන් සුදු නෙළුම, තවලම, ගදොලයි පොතයි වගේ සංහිඳියා ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. යහපාලන ආණ්ඩුව යටතේත් ඔහු 'අහන්න' කියලා සංහිඳියා වැඩසටහනක් ආරම්භකලා. 

Sudu neluma1

මංගල කියන්නේ ජාතිවාදයට, ආගම්වදයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනිහිටපු කෙනෙක්.... 

ඉතින් මේපාර ජනාධිපතිවරණයේ පරාජයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය වඩ වඩාත් සිංහල බෞද්ධ වියයුතු බවට ඇතැමුන් මතයක් ගෙනයන මොහොතක, පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා ශ්‍රී ලාංකීය සිංහල- දෙමල- මුස්ලිම් ආදී සියලු ජන කොටස් බියෙන් මුදා ගැනීම සඳහා ස්වාධින පුද්ගලයකු ලෙස මතවාදීමය දේශපාලනයක නිරතවීමට මංගල සමරවීර තීරණය කර තියනවා. 

තරුණ මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ සමග එක්ව 'මව්වරුන්ගේ පෙරමුණ' ගොඩනගමින් ආරම්භ කල මංගල සමරවීරගේ දේශපාලනය ඔහු මියෙන තුරාවට අත්හරින එකක් නැහැ. කුමන තත්වයක් යටතේවත් ප්‍රතිපත්ති පවා දෙන්නේ නැහැ. එක සහතිකයි.

'මංගලට දේශපාලනයෙන් සමුගන්න කාලය හරි' - Chinthana Dharmadasa

WhatsApp Image 2019 11 24 at 9.50.05 AMමංගල සමරවීර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතයි පලවන වාර්තා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල නොයෙකුත් මතයන් පලව තිබේ. සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස ඔහුගේ FB පිටුවේ ඒ සම්බන්ධයෙන් පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''මංගල දේශපාලනයෙන් සමුගන්නව නං මට හිතන්නෙ ඒකට කාලෙ හරි. පක්ෂ දේශපාලනයෙදි වැදගත් වෙන්නෙ බලය ලබා ගැනීම ඒක පවත්වාගෙන යාම කියන කාරනා. ඒත් මංගල පහුගිය කාලෙම අපිට මුනගැහෙන්නෙ දේශපාලකයෙකුට වඩා ඇක්ටිවිස්ට් කෙනෙක් විදිහට. එයා හොද සෝෂල් ඩිස්රප්ටර් කෙනෙක් . ඒත් එහෙම කෙනෙකුට බලය ගැනීමේ, බහුතර කැමැත්ත ගැනීමේ සෙල්ලම අමාරුයි .

 මංගලගේ අදහස් අතිශය ප්‍රගතිශීලී වුනත් බල දේශපානයෙදි ඒවා වැඩකරන්නෙ අවාසිදායක විදිහට. මේ දෙක දෙකක්. ගොඩක් ලිබරල් දේශපාලකයන් දෙක පටලගන්නවා. ඒක අවංකකම ගැන ප්‍රශ්නයක්. ඒත් දේශපාලනයෙදි අවංකකම කියන්නෙත් නොගැලපෙන ලකුනක් .''

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්