හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද (31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
අද (31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ.
ස්වර්ගස්ථ වන විට 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා 95 වෙනි වියේ පසුවිය.
2005 වසරේ අප්‍රේල් 19 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 11 වැනිදා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරන තෙක් 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා සිය ධුරයේ කටයුතු කළේය.
පාප් පදවියේ වගකීම දැරීමට තමන්ට කායිකව නොහැකි යැයි හැඟෙන බව පවසමින් 16 වන ශුද්ධෝත්තම පියතුමන් 2013 වසරේදී ශුද්ධ වූ පාප් ධුරයෙන් විශ්‍රාම ගත්තේ ය.
ශුද්ධෝත්තම පියතුමෙකු එලෙස ස්වර්ගස්ථ වීමට පෙර සිය ධුරයෙන් විශ්‍රාම ලැබූවේ වසර 600කට පසු පළමු වතාවට ය.
අති උතුම් 16 වන බෙනඩික්ට් පියතුමන් 1927 වසරේ අප්‍රේල් මාසයේදී ජර්මනියේදී උපත ලැබූ අතර, වසර 480කට පසු ජර්මනියෙන් තේරී පත්වූ පළමු ශුද්ධෝත්තම පියතුමන් ලෙසද උන්වහන්සේ සැළකෙයි.
අද (31) උදැසන සාන්ත පීතර චතුරශ්‍රයේ සීනුව එක් වරක් නාද කරමින් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම නිවේදනය කළ අතර උන්වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කෙරෙනු ඇති බව වතිකානය නිවේදනය කර තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයේදී ජනවාරි 05 වනදා සිදුකෙරෙන බවද නිවේදනය කර තිබේ.
{gallery}pope benedict xvi{/gallery}