ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31)
පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 143 දරන ගුවන් යානයෙන් මුම්බායි බලා පිටත් විය.
එමෙන්ම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ඔවුන් අද සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
තරගාවලිය ලබන ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර විස්සයි විස්ස තරඟ තුනක් සහ එක් දින තරඟ තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
නිල තරග විකාශක SUPREME TV
මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.
සුප්‍රීම් ටීවී
UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ),
UHF අංක 49 ( බස්නාහිර ට),
UHF අංක 28 (දකුණට ),
UHF අංක 56 ( සබරගුමුවට ) හා
ඩයලොග් ටීවි නාලිකා අංක 20 ,
පියෝ ටීවී නාලිකා අංක 140 හා
Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.