දෙමළ ජනතාව ඉන්දියාවේ සිට වතුකරයට පැමිණ අවුරුදු දෙසීයක් පිරිමේ සැමරුම් උත්සවය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සඳහා වතුකරයට සම්බන්ධ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
දෙමල ජනතාව ඉන්දියාවේ සිට වතුකරයට පැමිණීමේ එම සංවත්සර සැමරුම මේ වසරේ (2023) පෙබරවාරි මාසයේදී නුවරඑළියේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා වතුකරයට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස මේ වන විට කටයුතු කරන ලංකා කම්කරු කොංග්‍රසය හා ද්‍රවිඩ ප්රගතිශීලී පෙරමුණ එකඟතාවයට පැමිණ තිබේ.
එම සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත්, භාරතීය ජනතා පක්ෂයේ වෙනත් ප්‍රබලයකු ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
(anidda.lk)