උදාවූ 2023 නව වසරේ දකුණු කොරියාවෙන් ගුවන් ගතවූ යානයක් 2022 වසරේ ඇමරිකාවට ගොඩබැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ඒ 2023 වසරේ ජනවාරි 1 වනදා අලුයම 12.16ට දකුණු කොරියාවේ සෝල් අගනුවරින් ගුවන් ගතවූ යානයකි. එය ඇමරිකාවට ගොඩබස්සවා ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මස පස්වරු පහ පසුවී විනාඩියකට පසුවයි.

යුනයිටඩ් ගුවන් සේවාවට අයත් යූ.ඒ.එල්. 858 දරණ බොයිං 777 වර්ගයේ මෙම යානය සැන්ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපලට වෙත ගමන් කිරීමට පැය නවයයි විනාඩි 44ක කාලයක් ගත කර තිබිණ.

ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියට අනුව මෙම යානය ගමන් කර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 10,000 කට අධිකය.

ලොව නැගෙනහිර කලාපයේ පිහිටි දකුණු කොරියාව, බටහිර කලාපයේ පිහිටි ඇමරිකාවට වඩා පැය 17කට පෙර සූර්යයා උදා වීම මීට හේතුවයි.


1 aviao viagem no tempo seul sao francisco 27169599


2023 නව වසරේ උදාව සැමරූ ලොව පළමු රටවල්


වසර දෙකකට අධික කාලයක් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අත්හිටුවන ලැබූ  නව වසර පිළිගැනීමේ උත්සවය මෙවර නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

 ඒ, පැසිෆික් කලාපයේ පිහිටි එම රටවලට මෙවර නව වසර උදාවීමත් සමගයි.

2023 නව වසරට එළඹුණු ලොව පළමු රටව වූ නවසීලන්තය ඕක්ලන්ඩ් නගරයේ පිහිටි වරාය පාලම මත නව වසර පිළිගැනීම උදෙසා දර්ශනීය මල් වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පැයකට පසුව නව වසර උදාවූ ඔස්ට්‍රේලියාව සුප්‍රකට සිඩ්නි නුවර දර්ශනීය මල් වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබු අතර එය නැරඹීමට මිලියනයකට අධික ජනතාවක් ඒකරාශී වී සිටිය බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලොව පුරා ප්‍රධාන මාතෘකාවක් වී සිටින චීනය නව වසර පිළිගැනීම සඳහා සිය රට වැසියන්ට මෙවර අවසරය ලබාදී තිබෙන බව ද වාර්තා වේ.

ඒ අනුව චීන මහා ප්‍රාකාරය දිගේ නව වසර පිළිගැනීම සඳහා මහජනතාවට ඒකරාශී වීමට අවසර ලබාදී ඇති අතර ෂැංහයි හි පිහිටි  බන්ඩ් ජලාශය ඉදිරිපිට ද මහජනතාවට එකරාශිවිමට අවසර ලබාදී ඇත. මිට අමතරව චිනයේ ෂැංහයි හි ඩිස්නිලන්තය ද ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

චීනය නව වසර පිළිගැනීම සඳහා අවසරය ලබාදී තිබුණ ද, මෙවර ජපානය ටෝකියෝ අගනුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ ෂිබුයා හරස් මාර්ගයේ පැවැත්වෙන නව වසර උදාව ගණනය කිරීමේ උත්සවය තෙවන වසරටත් අඛණ්ඩව අත්හිටුවීමට තීරණය කර ඇත.


{gallery}2023newyear{/gallery}


(උපුටා ගැනීම් - hirunews.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්