යාපනයේ නව වැඩ බලන දිසාපතිවරයා වශයෙන් මරදලිංගම් ප්‍රදීපන් ව පත් කොට තිබේ.



අදාල පත් කිරීම ජනවාරී 1 දා සිට ක්‍රියාත්මක වන අතර, යාපනය දිසාපතිවරයා ලෙස සේවය කළ කනපතිපිල්ලේ මහේසන් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස උසස්වීමක් ලැබී තිබේ.

ඔහුගේ උසස්වීම නිසා පුරප්පාඩු වූ යාපනය දිසාපති තනතුරට මරදලිංගම් ප්‍රදීපන් ව එම තනතුරේ වැඩ බැලීම සඳහා පත් කොට ඇතත් යාපනයේ නව ස්ථිර දිසාපතිවරයා වශයෙන් දැනට කිළිනොච්චියේ දිසා පතිනිය ලෙස සේවය කරන රූපවතී කේතීස්වරන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.



ක්‍රීඩා අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ. මහේෂන් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (1) පෙරවරුවේ වැඩ භාරගත්තේය.

එම අවස්ථාවට එම අමාත්‍යංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

3424DE

32454DFDFE

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්