පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව, නායකත්ව මණ්ඩලයක් යටතේ
පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අතර, එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ

අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද පැවසේ.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේය.

මේ අතර, නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමට ද යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.

නව සන්ධානය පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්, මේ සති අන්තයේ එහි කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, සන්ධානයට පිහිටුවීමට මුල් වී සිටින දේශපාලන පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.

(lankadeepa.lk)
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්