ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත්කර තිබේ.
වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත් කර ඇති බව වාර්තා වේ.
ක්‍රිස් ක්ලාක් අයන්ස් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසද කටයුතු කර ඇති අයෙකි.
ඒ අනුව ඔහු හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි විස්ස තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කරනු ඇත.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු 20 - 20 ක්‍රිකට් තරගය හෙට (3) රාත්‍රී 7.00ට වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.
තරගාවලිය ලබන ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර විස්සයි විස්ස තරග තුනක් සහ එක් දින තරග තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
නිල තරග විකාශක SUPREME TV
මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.
සුප්‍රීම් ටීවී
UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ),
UHF අංක 49 ( බස්නාහිර ට),
UHF අංක 28 (දකුණට ),
UHF අංක 56 ( සබරගුමුවට ) හා
ඩයලොග් ටීවි නාලිකා අංක 20 ,
පියෝ ටීවී නාලිකා අංක 140 හා
Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.