විමල් විරවංශ අමාත්‍යවරයාට ලැබුන අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් කිසිඳු ලෙසකින් සැහීමකට පත්විය නොහැකිබව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇති ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන්, ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ වෙත දොස් පවරා තිබෙනු දක්නට ඇත.

විමල් විරවංශ විසින් ''ආර්ථික ඝාතකයා'' ලෙස හැඳින්වූ පි.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් බවත් එය විමල් වීරවංශට රිදවීමට කළ ක්‍රියාවක් බවත් එම පක්ෂ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටියි.

පසුගිය කාලය පුරාම විමල් වීරවංශ අමාත්‍යවරයාට හිතවත් සමාජ මාධ්‍ය ඔස්සේ බැසිල් රාජපක්ෂගේ ඇතැම් ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කර තිබිණ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ අමාත්‍යවරයාට නිසි පිළිගැනීමක් ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ ක්‍රියාකාරීන් ද විවිධාකාරයේ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අතර එවැනි පොස්ටුවක් පහත පළවේ.
PHOTO 2019 11 24 21 15 45

''චමල් කතානායක කරලා මට ඇමතිකම දෙන්න තිබුනා'' - වාසු කනස්සල්ලෙන් 

මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුයේ, සත්‍ය වශයෙන්ම කල යුතුව තිබුනේ චමල් රාජපක්ෂට කතානායක ධුරය දී එම ඇමැති ධුරය තමන්ට ලබාදීම බවයි. 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් මාස තුන හතරක කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව එහිදී සඳහන් කළ  මන්ත්‍රීවරයා, නමුත් තමන් නියෝජනය කරන දේශපාලන දහරාව ඇත්තේ එහි නොවන නිසා දීර්ඝකාලීනව එම ධුරයේ කටයුතු කිරීමට තමන් සූදානම් නැතැයිද පැවසීය.

කෙසේ වෙතත් කෙටි කාලයකට හෝ කථානායක ධුරයේ කටයුතු කිරීම අලුත් අත්දැකීමක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image