2023 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය අද (03) ආරම්භ කෙරේ. ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.



එක් දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගොස් සිටි.

දෙරට අතර තරගාවලිය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන්නේ පන්දුවාර 20යි 20 පළමු තරගයෙනි.

ඉන්දීය නිත්‍ය නායක රෝහිත් ශර්මා, සුපිරි පිතිකරු විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, අනතුරකට ලක් වූ රිශාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා, බුවනේස්වර් කුමාර් ඇතුළු අත්දැකීම් බහුල ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙම පන්දුවාර 20යි 20 තරගාවලියට එක් වන්නේ නැත.

හර්ඩික් පාන්ඩ්‍යා මෙහෙයවන ඉන්දීය කණ්ඩායමට සූර්යකුමාර් යාදෙව්, ඉශන් ක්‍රිෂන්, සංජු සැම්සන් ඇතුළු පිරිසක් ඉන්දීය පන්දුවාර 20යි 20 කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

 

Wanindu Hasaranga 3

වනිදු හසරංග ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට පත් කිරීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගාවලිය මෙයයි.

 

මේ අතර කුසල් මෙන්ඩිස් සහභාගී වන 50 වැනි පන්දුවාර 20යි 20 තරගය මෙය වේ. එම කඩඉමට ළඟා වූ 13 වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඔහු ඉතිහාසයට එක් වනු ඇත.

ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට තම කණ්ඩායමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

දසුන් ශානක උපුටා දක්වන එම වාර්තා සඳහන් කරන්නේ, ප්‍රමිතියෙන් යුත සහ ගුණාත්මක බවෙන් යුතු ක්‍රිකට් ක්‍රීඩා කිරීම තුළින් එවන් ජයග්‍රහණ ලබාගත හැකි යැයි විශ්වාසය පළ කළ බවයි.

දෙරට අතර මේ දක්වා විස්සයි 20 තරග 26 ක් පවත්වා ඇති අතර ඉන් තරග 17 ක් ඉන්දියාව ජයගෙන තිබේ. ශ්‍රී ලංකා කන්ඩායම ජයගෙන ඇත්තේ තරග 08 ක් පමණි. එක් තරගයක් විසදුමකින් තොරව නිමාවී ඇත.

තරගාවලිය ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර විස්සයි විස්ස තරග තුනක් සහ එක් දින තරග තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අද (03) තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Time 2022.12.24


නිල තරග විකාශක SUPREME TV


මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.

සුප්‍රීම් ටීවී


UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ),
UHF අංක 49 ( බස්නාහිර ට),
UHF අංක 28 (දකුණට ),
UHF අංක 56 ( සබරගුමුවට ) හා
ඩයලොග් ටීවි නාලිකා අංක 20 ,
පියෝ ටීවී නාලිකා අංක 140 හා
Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.


 


JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්