හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට අමෙරිකාවට ඇතුලුවීම සඳහා වීසා ලබා නොදෙනු ඇති බවත්,

ඒ හේතුවෙන් තවදුරටත් ඊට උත්සාහ නොකරන ලෙසත් අමෙරිකානු තානාපතිනිය, ගෝඨාභය රාජපක්ෂ ගේ නිවසටම පැමිණ දැනුම් දී ඇතැයි සමාජ මාධ්‍ය කිහිපයකම පුවත් වාර්තා පලවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ නිවෙසට ගොස් අමෙරිකානු තානාපතිනිය විසින් මෙම පණිවුඩය ලබා දෙන මොහොතේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් මනෝජ් රාජපක්ෂ ඇතුලු පවුලේ සියලු දෙනා සිට ඇති බවද හිටපු ජනාධිපතිවරයා සහ පවුලේ ඥාතීන් ඩුබායි සංචාරයකට එක්ව ඇත්තේ ඉන් පසුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මෙම පුවත් වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර පැවසුයේ, අමෙරිකාවට ඇතුලුවීම සඳහා වීසා ලබා දිය නොහැකි බවට ඇමෙරිකානු තානාපතිනිය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම්දුන් බවට පලවන වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බවයි.

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග මේ දිනවල ඩුබායි හි සංචාරයක නිරතව සිටින සුගීශ්වර බණ්ඩාර තවදුරටත් කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් නිවාඩුවක් ගත කිරීම සඳහා ඩුබායි යාමට සැලසුම් කරනු ලැබුවේ නොවැම්බර් මාසයේ මැද භාගයේදී බවයි. හිටපු ජනාධිපතිවරයාගේ පුත් මනෝජ් රාජපක්ෂත් ඔහුගේ බිරිඳ හා දියණිය දෙසැම්බර් 18 දින ලංකාවට පැමිණි බවත් ඔවුන්ද සමග ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 26 දා ඩුබායි පැමිණි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඇමරිකානු තානාපතිනිය මෑත කාලයේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ නැතැයි ද සුගීශ්වර බණ්ඩාර අවධාරණය කර සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ ජනවාරි 05 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්