පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන්

අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ කර දින 14කින් පසු නාමයෝජනා බාර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

නාම යෝජනා බාර ගැනීම සඳහා දින තුන තුන හමාරක කාලයක් ලබාදෙන බවද ඔහු සදහන් කළේය.

අද නිකුත් කෙරෙන මෙම දැන්වීමට නාමයෝජනා බාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයන් සංඛ්‍යාව කාන්තා නියෝජනය ඇතුළු කරුණු රැසක් ඇතුළත් වේ.

පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද දින නිකුත් කෙරෙනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පසුව නිකුත් කෙරෙන බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්