theleaderlk 01

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.



රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනය.

ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සමඟ සුළුතරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳව වහාම නීතිපති උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබේ.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 

JW