රජයේ නව බදු ප්‍රතිපත්තිය නිසා යාපනය දූපත් වල වාසය කරන ජනතාවට මූලික වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ

ප්‍රවේශය අහිමි වී යාමේ අවදානම සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයක් අනතුරු අඟවා තිබේ.

යාපනය දූපත් කලාපයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ 2023 ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක නව ආදායම් බද්ධ විවිධ කර්මාන්ත වලට බලපෑම් එල්ල කර ඇති අයුරින්ම වෛද්‍යවරුන්ටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවයි.



යාපනයේ දුපත්වල පිහිටි රෝහල් වලට ගමන් කිරීම සදහා වෛද්‍යවරුන්ට විශාල ගමන් විදයමක් දැරීමට සිදු වන බැවින් එම රෝහල් වල සේවය කිරීමට වෛද්‍යවරුන් දැඩි අකැමැත්තක් දක්වන අතර නව බදු ප්‍රතිපත්තිය හමුවේ එය තව දුරටත් වර්ධනය වන බවයි යාපනය දූපත් කලාපයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්  එස්. නිශාන්තන් පවසන්නේ.



2022 දෙසැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනතට අනුව රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදයම් ලබන පුද්ගලයන්ගේ ආදායම මත බදු අය කෙරේ. මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා වන පුද්ගලයන් බද්දෙන් නිදහස් කර  තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ වෛද්‍යවරුන් මේ වන විටත් රට හැරයමින් සිටින බව පෙන්වා දෙන වෛද්‍ය එස්. නිශාන්තන් පවසන්නේ යාපනයේ දුපත් වල පිහිටි රෝහල් වල මේ වන විටත් පවතින  දැඩි වෛද්‍ය හිගයට ඊට හේතු වී ඇත්තේ එම දුපත් කරා ගමන් කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන්ට විශාල ප්‍රවාහන වියදමක් දැරීමට සිදුවීමයි.


පුංගුඩුතිව්, වේලනෙයි, උර්ගාවත්තුරෙයි, කරෙයිනගර්, එලුවෙයිතිව්, නයිනතිව්, නෙඩුන්තිව් ආදී දුපත්වල පිහිටි සියළු රෝහල් මේ වන විටත් වෛද්‍ය හිඟයකට මුහුණ දී සිටින බැවින් එම රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් මහත් අපහසුතාවයකට මුහුණ දී සිටින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.



යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය එස්. නිශාන්තන් අනාවරණය කළේ, පසුගිය සතියේ කරෙයිනගර් රෝහලේ  වෛද්‍යවරයකු ඉවත්ව ගොස් ඇති අතර අනලතිවි රෝහලට පත්වීම් ලැබු වෛද්‍යවරයා එහි සේවයට වාර්තා කර නොමැති බවයි.

වේලනෙයි රෝහලේ රාජකාරියේ යෙදී සිටින්නේ එක් වෛද්‍යවරයකු පමණක් වන අතර ඔහුද ඉවත් වී යෑමට සුදානමින් සිටින නිසා එම රෝහල වැසී යාමේ අවදානමකටද මුහුණ දී සිටි.

සංගමයේ ලේකම් එස්. නිශාන්තන් පවසන පරිදි නෙඩුන්තිව් රෝහලේ සේවයේ යෙදී සිටින්නේද එක් වෛද්‍යවරයකු පමණක් බවයි.

මෙම දුපත් තුළ ගමන් වියදම් වලට අමතරව ආහාර මිල ද ඉතා ඉහළ බව මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සදහන් කළ වෛද්‍ය සංගම් ලේකම්වරයා, අනාවරණය කළේ දුපත් තුලදී වෛද්‍යවරුන්ට නිසා ආකාරයෙන් ආහාර පාන පවා නොලැබෙන බවයි.

යාපනය දූපත් කලාපයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය එස්. නිශාන්තන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

මේ කලාපයේ දුපත්වාසීන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ඩග්ලස් දේවානන්ද වර්තමාන ආණ්ඩුවේ ධීවර අමාත්‍යවරයායි.

නව බදු සංශෝධනය යටතට පෞද්ගලික සේවා සපයන වෛද්‍යවරුන් ඇතුළු පෞද්ගලික සේවා සපයන්නන් ද ඇතුළත් කර ඇති බව පාරිභෝගික සේවා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එස්. එස්. ඩී. වීරසේකර පැවසු බව ජනමාධ්‍ය වාර්තා කර ඇත.

 


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්