මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට

පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට අද (04) නිල වශයෙන් දැනුම් දුන්නේය.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද එජාප නායකයන් හමුවේ අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කරුණ දැනුම් දුන්නේ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ දී අද සවස හමු වූ අවස්ථාවේදී ය.



එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප නායකයන්ට දැනුම් දුන්නේය.ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කියා සිටියේය.

 


ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු !

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.



මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා, ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද කියා සිටියේ ය.

 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්