සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද (05) පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ රාත්‍රී 07 ටයි.


තරඟාවලියේ පැවති පළමු තරඟයෙන් ඉන්දිය කණ්ඩායම ලකුණු 02 ක තියුණු ජයක් ලබාගත් අතර ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරඟය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.

ශ්‍රී ලංකා - ඉන්දියා පන්දුවාර විස්ස තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත් වේ.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇති බවට වාර්තා වේ. ඒ අනුව කසුන් රාජිත වෙනුවට ළහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බව පැවසේ.


සුපිරි ක්‍රීඩකයා විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට


Sanju Samson 2023.01.5                                   ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson


ආබාධයක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉදිරි විස්සයි විස්ස තරග තවත් ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson මෙලෙස ආබාධයකට ලක්ව ඇත.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී හතරේ සීමාව ආසනන්නයේදී ඔහු ආබාධයකට ලක්විය.

ඒ අනුව Sanju Samson වෙනුවට ඉදිරි විස්සයි විස්ස තරග ද්විත්වය සඳහා ඉන්දීය කණ්ඩායම විසින් නවක ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙලෙස ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ IPL තරගාවලියේ පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Jitesh Sharma වයි.

ආබාධයකට ලක්වූ Sanju Samson මුම්බායි හි රැඳී සිට ඇති අතර මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සඳහා සහභාගී වීමට පූනේ වෙත පැමිණ තිබේ.

jitesh sharma 2023
පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Jitesh Sharma



Time 2022.12.24
නිල තරග විකාශක SUPREME TV


මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.

UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ),
UHF අංක 49 ( බස්නාහිර ට),
UHF අංක 28 (දකුණට ),
UHF අංක 56 ( සබරගුමුවට ) හා
ඩයලොග් ටීවි නාලිකා අංක 20 ,
පියෝ ටීවී නාලිකා අංක 140 හා
Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්