පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි අද (05) සිදුකරන ලදී .



කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 13 ක් සහ නගර සභා 4 ක් වශයෙන් පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් මෙහිදී ඇපමුදල් තැනපත් කෙරිණි.

ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා ඇතුළු හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පැමිණ ආශීර්වාද ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ එසේ ඇප මුදල් තැන්පත් කලහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, හිටපු අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න සහ හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

324407436 1535757430226752 8930573399321721372 n
322961856 860557208597058 4182848814496522676 n

324144833 1767029430336152 8357878914320361218 n323344561 1173981976558551 7647343115751860337 n323269447 3545723899047415 532953629201944519 n

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අද සිට ලබන 23වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් භාර ගන්නා බවයි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්