එජාප නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ. එජාප නායකයා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇත්තේ ඔහුගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ බලවත් ඉල්ලීම මත බව ද පැවසේ.
මේ අතර ඊයේ (25) 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එජාප මහ ලේකම්, අකිල විරාජ් කාරියවසම් ද පැවසුයේ, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි.
තවදුරටත් පක්ෂයේ තනතුරු වල රැඳී සිටිමින් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට නොව බහුතර මතයට කන්දී එම තනතුරුවලින් ඉවත් ඉවත්වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව එජාප මහලේකම් මහලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි ඉදිරි දිනකදී ඔහු එම තනතුරුවලින් ඉවත් වීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.
නායක, විපක්ෂනායක දෙකම සජිත්ට !
මේ අතර ඉරිදා (24) රාත්‍රී කොළඹ 'ස්විමිං ක්ලබ්'හි පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී පක්ෂයේ නායකත්වය මෙන්ම විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස වෙත ලබාදිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.
සජිත් ප්‍රේමදාස නායකත්වයට පත්වන්නේ නම් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක ද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
'රනිල් කියන්නෙ තනතුරක්' -ඔය ගහන ගැහිලිවල වැඩක් නැහැ'- උවිඳු කියයි
මේ අතර කලම්බු ටෙලිග්රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසන්නේ, රනිල් වික්‍රමසිංහ යනු එජාපයේ තනතුරක් බවයි. සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු මෙසේ සටහන් කර තිබේ.
''යූඑන්පී හා සිරස ෆ්‍රෙන්ඩ්ස්ලා හා රනිල්ට විරුද්ධව කැරලි ගහන අය වෙත,
රනිල් වික්‍රමසිංහ කියන්නෙ තනතුරක්. එහෙම නැතිව සාමාජිකයෙකු නෙමෙයි යූඑන්පී එකේ.
ඒක තේරුම්නොගෙන ඔය ගහන ගැහිලිවල වැඩක් නැහැ.
ඒ තනතුරත් රැකගෙන කරන දෙයක් කරන්න බලන්න,
රටේ ගෝටට ඡන්දය නොදුන් ජනතාව අසරණ වෙලා නේද මේ වෙලාවෙ? ඇයි අඩු ගානෙ ශානි, නිශාන්ත වෙනුවෙන්වත් කතා කරන්නෙ නැත්තෙ?''
සබැඳි පුවත් :
ප්රාතිහාර්යයක් නොවූ රනිල්...- මහේෂ් හපුගොඩ