දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම

මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය.

මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා එක්දරු පියෙකි.

1965 දී ජී.ඩී.එල්. පෙරේරා නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම මහතා ඉන්පසු සම්මානනීය චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපනය කළේය.

ඔහු රඟපෑ චිත්‍රපට අතර සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඒ අතර වේ.

චිත්‍රපට සහ වේදිකා නාට්‍යවලට වඩා බුද්ධි වික්‍රම මහතා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ටෙලිනාට්‍ය රංගනයෙන්ය.

ඔහු රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව 20 කට ආසන්නය. ඒවා අතර අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන්, පළිඟු මැණිකේ, පිටගම්කාරයෝ, පුංචි හපන්නු, තාරාදේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ද වේ.

බුද්ධි සේන දයාරත්න වික්‍රම නමින් ගාල්ලේදී උපත ලද ඒ මහතා බුද්ධි වික්‍රම නමින් කලා නොවෙහි හැඳින්විය.

හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලය වෙතින් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේ ය.

ඔහු රංගන ශිල්පියෙකු බවට පත් වීමට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කළේ ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ සාමාජිකයෙක් පැවැසුවේය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්