මොණරාගල දිස්තිරික්කයේ සංවර්ධන කටයුතු වලට දායක වන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සමග

පුර්ව ළමාවිය සංවර්ධනය කාන්තා සවිබලකරණය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 05 වනදා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහලේකම් කාර්යාලය දී පැවත් විය.

එහි සම්පත් දායකයකු ලෙස 'මාස්ටර් කුඹලා' නමින් ප්‍රසිද්ධ අජිත් පෙරේරා සම්පත්දායකයෙකු ලෙස සම්බන්ධ විය.

මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසනිර්මානය කරනු ලබන මහා සැලැස්මකට අනුකූලව වැඩකිරීමට, එම සාකච්ඡාවට Zoom  තාක්ෂණය ඔස්සේ මෙන්ම භෞතිකව ද රාජ්‍ය නොවන සංවිධාන රාශියක් එක්වි සිටියේය. 

මෙතෙක් කල් තනි තනිව කල වැඩ වෙනුවට සියලු සංවිධාන අන්තර් අවබෝධයක් සහිතව, එකම අරමුණක් වෙනුවෙන් වැඩකිරීමට උනන්දු කිරීමට අජිත් පෙරෙරා විසින් කරුණු දක්වා සිටියේය. 

මූලික වශයෙන්, පෙර පාසල් අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, ව්යවසායකත්වය  ඉලක්කකරගත් මහා සැලැස්මක් නිර්මාණය කරගැනීමට එකඟතාවය පල වූ අතර අවසාන වශයෙන් ජාතික මහ සැලැස්මක් දක්වා ගෙනයාමට කටයුතු කරන ලෙස සහභාගිවූවන් බහුතරයක් යෝජනා කර සිටියේය.

මේ සාකච්ඡාව රජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යයක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න ගේ උපදෙස් පරිදි, එම කාර්යාලයේ අධීක්ෂණ අංශයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන්, මොණරාගල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී රංජිත් ගේ සහයෝගයෙන් ද සිදුකරන ලදී.

එහිදී 'මාස්ටර් කුඹලා' හෙවත් අජිත් පෙරේරා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.

 

 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්