දේශපාලන පක්ෂ සම්බන්ධ නියාමන කටයුතු කිරීමට විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.



ජනාධිපතිවරයා එබව පැවසුයේ, පසුගිය සිකුරාදා (06) පුවත්පත් කතුවරුන් සමඟ පැවැත්වූ විශේෂ හමුවකදී ය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කෙරෙන මෙම කොමිෂන් සභාව මගින් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ සිට එම පක්ෂ ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කර අවශ්‍ය මගපෙන්වීම සිදු කරනු ලබන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක මෙබඳු නියාමන ආයතන විසින් දේශපාලන පක්ෂවල කටයුතු අධීක්ෂණය කරනු ලබන බවත්, ඒ ආදර්ශය අනුව මෙම කොමිෂන් සභාවද ක්‍රියා කරනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

දේශපාලන පක්ෂ රුපියල් කෝටි ගණන් වලට විකිණීම හා මිලදී ගැනීම පිළිබඳවත්, ඇතැම් පක්ෂ වල පවතින අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් එවැනි පක්ෂ ක්‍රියාත්මක නොවීම පිළිබඳවත් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වී තිබිණ.

එසේම ප්‍රකට පක්ෂ ගණනාවක් එම පක්ෂවල අයිතිය සම්බන්ධයෙන් මේවනවිට අධිකරණය හමුවේ නඩු පවරා ඇත.


''පක්ෂ විකිණීම කුඩු විකිණීම වගේම ලාභදායී ව්‍යාපාරයක් වෙලා'' - ඩලස්

 

dullus

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

 

දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් පිළිබඳ ජනතාවට බරපතළ අවිශ්වාසයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පසුගියදා මාතර නූපේ පැවැති පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැස්වීම අමතමින් කියා සිටියේය.

වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පැවති එම රැස්වීමේදී ඔහු මෙසේද සඳහන් කළේය.

''අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳ තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලනඥයන් පිළිබඳ මතු වෙලා. මටත් ඒක අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා.''

 

''ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑහයක් (76) තියෙනවා. මින් පක්ෂ පනස් දෙකක් (52) කිසිදා ජාතික මැතිවරණයකට තරග කර නැහැ. එක පැත්තකින් පක්ෂ විකිණීම කුඩු විකිණීම වගේම ලාභදායී ව්‍යාපාරයක් වෙලා.

 

''පක්ෂ දෙක තුනක් හැර අනෙක් කිසිම පක්ෂයක තරුණයන්ට තැනක් නැහැ. කාන්තාවන්ට කිසිම වගකීමක් දෙන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. නමුත්, රටේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන්. ''

 
'' ඉතාම ආකර්ෂණීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසු කර මැතිවරණ ප්‍රකාශ සකසා මහජන මතය “පික් පොකට්” ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිමයි නව පරම්පරාවේ බලාපොරොත්තුවයි.''


JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්